සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එසනා වර්ගය

8. නීඝ සූත්‍රය

“මහණෙනි, මේ උවදුරු තුනකි. කවරනම් තුනක්ද යත්? රාග නැමති උවදුර, ද්වෙෂ නැමති උවදුර, මෝහ නැමති උවදුර යන මොහුය. මහණෙනි, මේ වනාහි උවදුරු තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ උවදුරු දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ ත්‍රිවිධ උවදුරු දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.