සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

8. ඔඝ වර්ගය

8. උපාදානස්ඛන්ධ සූත්‍රය

“මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකි. කවර නම් පසක්ද? ඒ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය කියායි. මහණෙනි, මේ වනාහි උපාදානස්කන්ධ පසයි. මහණෙනි, උපාදාන ස්කන්ධපඤ්චකයාගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.