සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

2. විහාර වර්ගය

8. පළමුවෙනි කුක්කුටාරාම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේද පැළලුප් නුවර කුක්කුටාරාමයේ වැඩ වසති. එකල්හි වනාහි ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවෙකයෙන් නැගිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

“ඇවැත් ආනන්දයෙනි, අබ්‍රහ්මචරියාව අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් වනාහි අබ්‍රහ්මචරියාවද?

“ආයුෂ්මත් භද්‍රයෙනි, යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය, තාගේ ප්‍රශ්නය වනාහි යහපත්ය. වැටහීම යහපති, විචාරීම යහපති. ‘ඇවැත් ආනන්දයෙනි, අබ්‍රහ්මචරියාව, අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. අබ්‍රහ්මචරියාව නම් කුමක්ද?’ කියා අසන්නෙහිද?’

“ඇවැත්නි, එසේය.”

“ඇවැත්නි, මේ අංග අටක් ඇති මිථ්‍යා මාර්ගය අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ. ඒ කවරහුද? මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය, යන මොහුයි.”