සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

5. චක්කවත්ති වර්ගය

9. අජ්ඣත්තිකංග සූත්‍රය

“මහණෙනි, අධ්‍යාත්මික අංගයක් වශයෙන් සප්ත බොධ්‍යාංගයන් ලැබීම පිණිස මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේද එබඳුවූ අන් එකම අංගයකුදු මම නුවණැසින් නොදකිමි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වඩන්නේය. බහුල කරන්නේය. යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුනු භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි, කෙසේ නම් නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යාංගයන් බහුල කරයිද?

(මේ ඡෙදය මේ වර්ගයේ අටවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණතෙමේ සප්ත බොධ්‍යාංගයන් වඩයි. සප්ත බොධ්‍යාංගයන් බහුලකෙරේයයි” වදාළසේක.