සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
7. අවඤ්ඣ සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත්වෙයි. ඊට වඩා මෘදු වූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමී වෙයි.
ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සංඛාර පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රිය සම්පූර්ණවූ අර්හත් මාර්ගය සම්පූර්ණ කරන්නේ අර්හත් ඵලයට පැමිණෙයි. ඉන්ද්‍රිය කොටසක් සම්පූර්ණවූ ඉතිරි මාර්ග තුන සම්පුර්ණ කරන්නේ ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි මම මෙසේ පඤ්චෙන්ද්‍රියයෝ වඳ නොවෙත්යයි කියමි.”