සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

2. වෙදනින්ද්‍රිය සොතාපන්න සූත්‍රය

[1] (මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි මුල් ඡෙද මෙහි මුල් සූත්‍රයේ මෙනි.)

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය යනුයි. මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැනගනියිද? මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ අර්හත් මාර්ගයට නියතවූ නිර්වාණය පිහිටකොට ඇති සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”