සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

5. දුතිය අරහන්ත සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි

[3] මහණෙනි යම් කලෙක පටන් වනාහි මහණතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීමද බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හාදිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේවේද?

[4] “මහණෙනි, මේ මහණතෙම ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමවන ලද්දාවූ කරනලද කටයුතු ඇත්තාවූ බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ පැමිණෙන ලද තමාගේ අර්ථය ඇත්තාවූ නැතිකල භව බැඳුම් ඇත්තාවූ මනා කොට දැනගැනීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණාවූ අර්හත් පුද්ගලයායි කියනු ලැබේ.