සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

7. දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය

[2] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සද්ධින්ද්‍රිය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,

“විරියින්ද්‍රිය නොදනිත්ද විරියින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, විරියින්ද්‍රියයාගේ නිරොධය නොදනිත්ද, විරියින්ද්‍රියයාගේ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,

“සතින්ද්‍රිය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරොධය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,

“සමාධින්ද්‍රිය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,

“පඤ්ඤින්ද්‍රිය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ ඉපදීම නොදත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරොධය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද,

“මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුද, බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයාගේ අර්ථයද, බ්‍රාහ්මණභාවයාගේ අර්ථයද මේ ආත්මයෙහි තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ නොවසත්.

[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ සද්ධින්ද්‍රිය දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරොධය දනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,

“විරියින්ද්‍රිය දනිත්ද, විරියින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, විරියින්ද්‍රියයාගේ නිරොධය දනිත්ද, විරියින්ද්‍රියාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,

සතින්ද්‍රිය දනිත්ද, සතින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සතින්ද්‍රියයාගේ නිරොධය දනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,

සමාධින්ද්‍රිය දනිත්ද, සමාධින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරොධය දනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,

“පඤ්ඤින්ද්‍රිය දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ ඉපදීම දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරොධය දනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව දනිත්ද,

“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද, බ්‍රාහ්මණයන් අතරෙහි හෝ බ්‍රාහ්මණයයි සම්මතවූවාහුද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයාගේ අර්ථයද, බ්‍රාහ්මණ භාවයාගේ අර්ථයද මේ අත්බැව්හිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරත්.”