සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

2. දුතිය ඒක ධමම වර්ගය

9. අද්ධානපරිඤ්ඤා සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආනාපාන සති සමාධිය අතීත අනාගත වර්තමාන කාලත්‍රය දැනීම පිණිස පවතියි මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය අතීත අනාගත වර්තමාන කාලත්‍රය දැනීම පිණිස පවතීද?

(මේ ඡෙදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි අතීත අනාගත වර්තමාන කාලත්‍රය දැනීම පිණිස පවතියි.”