සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
7. මහාප්රඥා වර්ගය
1. මහා පඤ්ඤතා සූත්රය
[1] (මේ වර්ගයේ 1 වෙනි ඡෙද සියල්ල පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි ඡෙදය මෙනි. පිට 3179)
[2] “මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද මේ ධර්ම සතර මහා ප්රඥාව ඇතිබව පිණිස පවතිත්.
[3] “කවර සතරක්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, යොනිසොමනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යන මේ සතරය.
[4] “මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර මහා ප්රඥාව ඇතිබව පිණිස පවතිත්යයි” වදාළසේක.