සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
4. සිංසපා වර්ගය
7. සූරියොපම සූත්‍රය
“මහණෙනි, යම් මේ අරුණ නැඟීමක් වේද, එය ඉර උදාවීමට පෙරටු වෙයි. පෙරනිමිත්ත වෙයි. මහණෙනි, එසේම යම් මේ සම්‍යක්දෘෂ්ටියක් වේද එය මහණහුගේ චතුරාර්‍ය්‍යසත්‍යය තත්වූ පරිදි අවබොධ කිරීමට පෙරටු වෙයි. පෙර නිමිත්ත වෙයි.
‘මහණෙනි, සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුකයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්‍යක් දෘෂ්ටියෙන් භික්ෂුවම මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගන්නේය සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්‍යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි දැනගන්නේය. යන මෙය කැමතිවිය යුතුය.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)