සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

9. තතිය ආමකධඤ්ඤ වර්ගය

6. ඉත්ථිකුමාරි සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වකෙනෙක් ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. මහණෙනි, ඊට හේතුව කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බවය, කවර සතරකගේද යත්?