ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
5. පාරායණ වර්ගය
මොඝරාජ සූත්‍රය
“මම දෙවාරයක් විචාළෙමි. තුන්වෙනි වාරයෙහි විශුද්ධිදෙවිවූ ඍෂිතෙමේ මාගේ ඇසීම ප්‍රකාශ කරන්නෙහියයි” ආයුෂ්මත් මොඝරාජතෙමේ කීයේය.
“මෙලොවද, පරලොවද, දෙවියන් සහිත බ්රහ්මලොකයද යන මේ තැන්හි කීර්ති ඇති ගෞතමයන් වහන්සේගේ දෘෂ්ටි නොදනිමි.
“මෙසේ උතුම් දේ දක්නාවූ බුදුරජාණන් වෙත ප්‍රශ්න ඇසීම ප්‍රයෝජන කොට පැමිණියේවෙමි. කෙසේ නොම බලන්නාහු මාරතෙම නොදකීදැයි” (මොඝරාජ තෙම ප්‍රශ්න කළේය.)
“මොඝරාජය, හැම කල්හි සිහි ඇත්තේ ලොකය ශුන්‍ය වශයෙන් බලව ආත්ම දෘෂ්ටිය තරණය කොට සිටියේ මාරයා ඈත්කළේ වන්නේය. මෙසේ ලොව බලන්නහු මාරතෙම නොදක්නේය.”
මොඝරාජමාණවපුච්ඡා පන්නරසමා නිට්ඨිතා.