ඛුද්දක නිකාය
උදානය
4. මෙඝිය වර්ගය
7. (අසොක) සාරිපුත්ත සූත්‍රය
[1] (මේ ඡෙදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
[2] එසමයෙහි වනාහි (ii) ඉච්ඡා රහිත, ලද දෙයින් සතුටුවන, දැඩි විවේක ඇති, අනුන් හා නොගැවසෙන, පටන්ගත් වීර්ය ඇති, සමාධියෙහි නිතර යෙදුණු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ලඟ අරමිණිය ගොතාබැඳ, කය කෙළින් තබා, (iii) හුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) හුන්නා දුටුයේ වෙයි.
[3] ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.
“සමාධියෙහි සිටි සිත් ඇති පමාවක් නැති, නිශ්ශබ්ද මාර්ගයේ හික්මෙන, කම්පාවක් නැති, ඇතුළ සන්සුන්, හැමදාම සිහිමත්, මුනිවරයාට ශෝකයෝ නොවෙති.”