ඛුද්දක නිකාය
උදානය
6. ජාත්යන්ධ වර්ගය
6. (තෘතීය) තීර්ථ සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
[2] එකල්හි වනාහි සැවතෙහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් කැමැත්ත ඇත්තාවූ නොඑක් ලබ්ධියට හෙතූන් ඇසුරුකළාවූ බොහෝවූ නන්තොටු ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති.
[3] (ඔවුන් අතුරෙහි) තමාද ලොකයාද සදාකාලිකය (ii) මෙයම සැබෑය, අන්යදර්ශන හිස්යයි මෙසේ කියන්නාවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත් (iii) තමාද ලොකයාද සදාකාලික නොවෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද ලොකයාද (ඇතැමෙක්) සදාකාලිකත් වෙයි. (ඇතැමෙක්) අසදාකාලිකත් වෙයි. (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද (අන්‍ය) සත්වයාද නොම සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් නොවෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද ලොකයාද තමා විසින්ම කරන ලද්දේය. (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද ලොකයාද අනිකෙකු විසින් කරන ලද්දේය. (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද අන්‍ය සත්වයාද තමා විසින් කරන ලද්දේත්වෙයි, අන්‍යයන් විසින් කරන ලද්දේත්වෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තමාද අන්‍ය ලොකයාද තමා කෙළේත් නොවෙයි අනෙකෙක් කෙළේත් නොවෙයි. කිසිහෙතුවක් නැතිව උපන්නේය, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද ලොකයාද සදාකාලිකය. (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) ලොකයාද අසදාකාලිකය, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක්දෙකද තමාද (අන්‍ය) සත්වයාද සදාකාලිකත්වෙයි, අසදාකාලිකත්වෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද සදාකාලිකත්වෙයි. අසදාකාලිකත්වෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද නොම සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් නොවෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද ලොකයාද තමා විසින් කරන ලද්දේය, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද අනිකෙකු විසින් කරන ලද්දේය, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද තමා විසින් කරන ලද්දෙක්වෙයි, අනෙකෙකු විසින් කරන ලද්දෙක්වෙයි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද (අන්‍ය ලොකයාද තමා කෙළේත් නොවෙයි, අනිකෙක් කෙළේත් නොවෙයි, කිසිහෙතුවක් නැතිව උපන්නේය, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
[4] (මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 4 ඡෙදයමෙනි)
[5] (මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 5 (i) සහ මේ සූත්‍රයේ 3 ඡෙදය යෙදිය යුතුයි.)
[6] (මෙය මේ වර්ගයේ 5 සූත්‍රයේ 6 ඡෙදයමෙනි.)
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒවා දුරින් දුරුකොට සංස්කාරයන් තත්වූ පරිද්දෙන් දක්නහුගේද එහි ආදීනව නොදක්නා බැවින් මිථ්‍යාවට බැසගත්තාවූ තත්වූ පරිද්දෙන් නොදක්නහුගේද පිළිවෙළින් සසරින් ඉක්ම පැවැත්ම හා නොඉක්ම පැවැත්මද යන මේ කරුණ (සියලු අයුරෙන්) දැන එය දක්වන ප්‍රීතිවාක්‍යය ඒ වෙලාවෙහි ප්‍රකාශ කළසේක.
“මේ ප්‍රජාතොමෝ අහංකාර දෘෂ්ටියෙහි යෙදුනීද වෙයි. අනිකෙක් කෙරෙයි යන දෘෂ්ටිය ඇසුරුකළා වෙයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ දෘෂ්ටි දෙක අනුනොදත්හ. ඒ දෘෂ්ටි උලයයි නොදැක්කාහුය.
“මේ විපරිත දර්ශනය උලයයි පළමුකොටම දක්නාවූ තැනැත්තාහට මම කරමියි යන දෘෂ්ටිය නොවේ. ඕහට අනිකෙක් කෙරෙයි යන දෘෂ්ටියද නොවෙයි.”
“මානයෙන් යුක්තවූ මානග්රන්ථය ඇත්තාවූ ඒ මානයෙන් විශෙෂයෙන් බැඳුනාවූ අන්‍යයින්ගේ දෘෂ්ටීන්හි විරුද්ධ කථා ඇත්තාවූ මේ ප්‍රජාව සසර නොඉක්මවයි.”