අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

2. නාථ වර්‍ගය

8. දුතිය නාථකරණ ධම්ම සූත්‍රය

’’මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්‍ම දහයකි.

’’කවර දහයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, එකාන්තයෙන් මේ භික්‍ෂුතෙමේ සිල්වත් වේ. ප්‍රතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව වාසය කරයි. හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නාසුළු වූයේ, ශික්‍ෂාපදයන් සමාදන්ව ආරක්‍ෂා කරයිද, ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට සිතත්. අනුශාසන කළයුතුකොට, මධ්‍යම භික්‍ෂූහුද, නවක භික්‍ෂූහුද, ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට නොහඟිත්. තෙරුන් වහන්සේලා විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. නවකයන් විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලදද ඒකාන්තයෙන් මේ මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්ද, ස්ථවිරවරු ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහුද, නවක භික්‍ෂූහුද, කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද දමණතෙම කල්‍යාණ මිත්‍ර වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, යහපත් අයට නැමෙන්නේ වේද, ඒකාන්තයෙන් මේ මහණතෙමේ, එකාන්තයෙන් කල්‍යාණ මිත්‍රය. යහපත් සහායයන් ඇත්තේය. යහපත් අයට නැමෙන්නේය. ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණතෙම සුවච වේ. සුවචබව කරණ කරුණුවලින් යුක්තවූයේ, ඉවසන්නේ වේ. අනුශාසනය ගෞරවයෙන් ගන්නේ වේ. මේ මහණතෙම ඒකාන්තයෙන් සුවචබව ඇත්කරණ ධර්‍මයන්ගෙන් යුක්තවුයේ ඉවසන්නේ, අනුශාසනය ගෞරවයෙන් ගන්නේ වේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කටයුතු ලොකු කුඩා දේ ඇත්තේ වේද, එහි දක්‍ෂවේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විසීමෙහි යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථවේ. විධානයට සුදුසු වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් අසා කළ යුතු උස් පහත් දේ ඇද්ද, එහි දක්‍ෂ වේ. අලස නුවූයේ වේ. එහි යාමෙන් විමසීමෙහි යුක්තවූයේ වේ. කරන්නට සුදුසු වේ. විධාන කරන්ට කැමති වේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණතෙම ධර්‍මයට කැමැත්තේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්‍මයෙහි හා ඛන්දක පරිවාර නම් වූ විනයෙහි මහත් ප්‍රමෝද ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණ තෙම ධර්‍මය කැමැත්තේ වේද, ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේද, ඒකාන්තයෙන් මේ මහණ තෙම ධර්‍මකාමීය. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්‍මයෙහි හා ඛන්දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණ තෙම අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන්ගේ වැඩීම පිණිස. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ වාසය කරයි. ඒකාන්තයෙන් මේ මහණ තෙමේ අකුශල ධර්‍මයන් ප්‍රහීණ කිරීම පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ වාසය කෙරේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණ තෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, ඒකාන්තයෙන් මේ මහණ තෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.

’’මහණෙනි, නැවතද මහණතෙම ස්මෘතිමත් වේද, ශ්‍රෙෂ්ඨවූ ස්මෘතියගේ නිපුන භාවයෙන් යුක්තවූයේ වේද, කළ බොහෝ කල් ඇත්තාවුද, කියා බොහෝ කල් ඇත්තාවුද, දේ සිහි කරන්නේ වේද, නැවත නැවත සිහි කරන්නේ වේද, මේ මහණතෙම ඒකාන්තයෙන් සිහි ඇත්තේය. ශ්‍රෙෂ්ඨවූ සිහියේ නිපුනභාවයෙන් යුක්තය. කළ බොහෝ කල් ඇති, කියා බොහෝ කල් ඇති දෙය වුවත් සිහි කරන්නේය. නැවත නැවත සිහි කරන්නේය.

’’මහණෙනි, නැවත මහණතෙම ඤාණවත් වේද, ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්‍ෂයවීමට යන, උත්පත්තිය විනාශය දක්නා නුවණින් යුක්තවූයේ වේ. ඒකාන්තයෙන් මේ මහණතෙම ඤාණවන්තය. ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්‍ෂයවීමට ගිය, උත්පත්තිය විනාශය දක්නා නුවණින් යුක්තවූයේයයි, ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය. මහණෙනි, පිහිට ඇතිව වාසය තරව්. පිහිට නැතිව වාසය නොකරව්. මහණෙනි, අනාථ තෙමේ දුකින් පෙළෙයි. මහණෙනි, මේ පිහිට ඇතිකරණ ධර්‍ම දසයයි.’’