අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(20) 5. පුද්ගල වර්‍ගය

නසෙවිතබ්බාදිසුත්තානි

නසෙවිතබ්බ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ සේවනය නොකළ යුතුයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ සේවනය නොකළ යුතුයි.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ සේවනය කළ යුතුයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ සේවනය කළ යුතුයි.

නහජිතබ්බ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ නොබිජිය යුත්තේය.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ නොබිජිය යුත්තේය.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ බිජිය යුතුයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ බිජිය යුතුයි.

නපයිරුපාසිතබ්බ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා නොකළ යුතුයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා නොකළ යුතුයි.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා කළ යුතුයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පයිරුපාසනා කළ යුතුයි.

නපුජ්ජ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය නොවේ.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය නොවේ.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ පූජ්‍ය වේ.

නපාසංස පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ නොවේ.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ නොවේ.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රශංසාර්හ වේ.

අගාරව පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ගෞරව නැතියේ වෙයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ගෞරව නැතියේ වෙයි.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ගෞරව සහිත වෙයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ගෞරව සහිත වෙයි.

අප්පතිස්ස පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය නැතියේ වෙයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය නැතියේ වෙයි.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය සහිත වෙයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රතිශ්‍රය සහිත වෙයි.

අනාරාධක පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ආරාධක නොවේ.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ආරාධක නොවේ.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ආරාධක වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ආරාධක වේ.

අවිසුද්‍ධ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ විශුද්ධ නොවේ.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ විශුද්ධ නොවේ.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ විශුද්ධ වේ. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ විශුද්ධ වේ.

නාමානාභිභූ පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ මානය නොමඩනේය.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ මානය නොමඩනේය.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ මානය මඩනේය. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ මානය මඩනේය.

නපඤ්ඤාවඩ්ඪක පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් නොවඩනේය.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් නොවඩනේය.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් වඩනේය. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ ප්‍රඥායෙන් වඩනේය.

අපුඤ්ඤ පසවක පුග්ගල සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ බොහෝ අපුණ්‍යය රැස්කෙරෙයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ බොහෝ අපුණ්‍යය රැස්කෙරෙයි.

’’මහණෙනි, ධර්‍ම දශයකින් යුත් පුද්ගල තෙමේ බොහෝ පින් රැස්කෙරෙයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුත් පුද්ගල තෙමේ බොහෝ පින් රැස්කෙරෙයි.

පුග්ගල වර්‍ගය නිමි.

සතරවන පණ්ණාසකය නිමි.