අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
5. අක්කොසක වර්‍ගය
2. පඨම විවාදමූල සූත්‍රය
’’ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?’’
’’උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. උපාලිය මේ විවාද මූලයෝ දසය වෙත්.’’