අංගුත්තර නිකාය
එක නිපාතය
18. රාග පෙය්‍යාල වර්ගය
183–352.
රාග අභිඤ්ඤා - රාග පරිඤ්ඤා - රාගපරික්ඛය -රාගපහාණ - රාගක්ඛය - රාගවය - රාගවිරාග - රාගනිරොධ -රාගවාහ - රාගපරිනිස්සග්ග - නම් සූත්‍ර දහයයි.
“මහණෙනි, රාගය විශෙෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවරතුනක්ද? සූනපක සමාධියද අනිමිත්ත සමාධියද අප්පණිහිත සමාධියද වෙයි
“මහණෙනි, රාගය විශෙෂයෙන් දැනීම සඳහා මේ ධර්මතුන වැඩිය යුතුය.
“මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා ක්ෂය කිරීම සඳහා, පහකිරීම සඳහා, නැතිකිරීම සඳහා, නොඇලීම සඳහා නිරුද්ධකිරීම සඳහා, දුරුකිරීම සඳහා, අත්හැරීම සඳහා, මේ ධර්මයෝ තිදෙන වැඩිය යුත්තාහ
(රාග සූත්‍රවල ‘රාග’ වෙනුවට මෙහි පහත දක්වන වචන යෙදීමෙන් එක එක වචනය අනුව සූත්‍ර දහය බැගින් සාදා ගත යුතුයි.)
ද්වෙෂය, මොහය, ක්‍රොධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊෂ්‍ය_ාව, මච්ඡරිය, මායාව, සාඨෙය්‍ය, ථම්භය, සාරම්භය, මානය, අවමානය, මදය, ප්‍රමාදය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සතුටු සිත් ඇත්තාහු භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
(තික නිපාතය සමාප්තයි.)