අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(13) 3. භය වර්‍ගය

6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින්

’’එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය,

’’මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

’’හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.

’’මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.

’’මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.

’’මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.