අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 3. තුන්වෙනි පණ්ණාසකය (15) 5. ආභා වර්‍ගය 6. කාලචතුක්ක සූත්‍රය ’’මහණෙනි, මේ කාල සතරක් වෙත්. කවර සතරක්ද යත්. කාලයෙහි ධර්‍ම ශ්‍රවණය, කාලයෙහි ධර්‍ම සාකච්ඡාව, කාලයෙහි සමථය, කාලයෙහි විදර්‍ශනාව යන සතර මහණෙනි, කාලයෝයි.’’