අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(17) 2. පටිපදා වර්‍ගය
6. උභය හීන සූත්‍රය
’’මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්. දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, දුක්වූ ප්‍රතිපදාවය, වහාලැබෙන අභිඥාය, සැපවූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාය, සැපවූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය යන සතරය.
’’මහණෙනි, එහි යම් ප්‍රතිපදාවක් දුක්ද, ප්‍රමාදව ලැබෙන අභිඥා ඇත්තේද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ලාමකයයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්‍රතිපදාවක් දුක්ද වෙයි. මෙය හීන යයි වැටහේ. යම් මේ ප්‍රතිපදාවක් ප්‍රමාදද වෙයි. මෙය හීන යයි හැඟේ. මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම හීනයයි කියනු ලැබේ. මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් වහා ලැබෙන අභිඥාද, දුක්ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීන යයි කියනු ලැබේ. මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැපද, ප්‍රමාදව ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්‍රතිපදාව ප්‍රමාද බැවින් හීනයයි කියනු ලැබේ. මහණෙනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැපද, වහා ලැබෙන අභිඥාද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ප්‍රණීතයයි හැඟේ.
’’යම් මේ ප්‍රතිපදාවක් සැපද වෙයි. මෙය ප්‍රණීතයයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් තියුණුද වෙයි. මෙය ප්‍රණීතයයි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව දෙකින්ම ප්‍රණීතයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.’’