අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. පරියසොභණ වර්‍ගය
5. මිච්ඡාමග්ගඞ්ග සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
’’මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා සංකප්ප (කල්පනා) ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’ කවර සතරකින්ද යත්, සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්පනා ඇත්තේ වේද, සම්‍යක් වචන ඇත්තේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.