අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. පරියසොභණ වර්‍ගය

6. සම්මාමග්ගඞ්ග සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,

’’මිථ්‍යා ආජීව ඇත්තේ වේද, මිථ්‍යා ව්‍යායාම ඇත්තේ වේද, මිත්‍යා ස්මෘති ඇත්තේ වේද, මිථ්‍යාවෙන් සිත් එකඟ කිරීම ඇත්තේ වේද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’ කවර සතරකින්ද යත්, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද, සම්‍යක් ස්මෘතිය ඇත්තේ වේද, නුවණින් සිත එකඟ කිරීම ඇත්තේ වේද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.