අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. පරියසොභණ වර්‍ගය
9. හිරොත්තප්ප සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
’’අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’ කවර සතරකින්ද යත්, ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද,