අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. පරියසොභණ වර්‍ගය

10. දුප්පඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,

’’අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’කවර සතරකින්ද යත්, ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාවත් වේද,’’

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විසිදෙවෙනි පරිස සොභන වර්‍ගය නිමි.