අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)

1. වචී දුච්චරිත සූත්‍රය

’’මහණෙනි, මේ දුශ්චරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්. බොරුකීම, පිසුණු කීම, පරොස්බස් කීම, ප්‍රලාප දෙඩීම යන සතරයි. මහණෙනි, මේ සතර වාග් දුශ්චරිතයෝය.

’’මහණෙනි, මේ වාග් සුචරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්, සත්‍ය වචනය, කේලාම් නොකීම, සියුම් වචනය, ප්‍රමාණවත් වචනය යන සතරයි. මහණෙනි, මේ සතර වාග් සුචරිතයෝයි.