අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)
11. චතුබ්බිධකවි සූත්‍රය
’’මහණෙනි, මේ කවීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, සිතා කාව්‍ය කරණ චින්තා කවියාය, අසා කාව්‍ය කරණ සුත කවියාය, එක් අර්ත්‍ථයක් ඇසුරුකොට කවි කරණ අර්ත්‍ථ කවියාය, වැටහීමෙන් කවි කරණ පටිභාන කවියාය, යන මේ සතරදෙන කවියෝය.’’
විසිතුන් වෙනි දුච්චරිත වර්‍ගය නිමි.