අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)

10. දුප්පඤ්ඤ සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,

’’අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද,

’’මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය’’ යි වදාළ සේක.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.

’’ කවර සතරකින්ද යත්, ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද,

’’මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.