අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(24) 4. කම්ම වර්‍ගය
9. ඉධෙව සමණ සූත්‍රය
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
කවර සතරකින්ද යත්, ද්වේශ සහිත කාය කර්මයෙන්ද, ද්වේශ සහිත වාක් කර්මයෙන්ද, ද්වේශ සහිත මනො කර්මයෙන්ද, ද්වේශ සහිත දෘෂ්ටියෙන්ද යන,
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
කවර සතරකින්ද යත්, ද්වේශ රහිත කාය කර්මයෙන්ද, ද්වේශ රහිත වාක් කර්මයෙන්ද, ද්වේශ රහිත මනො කර්මයෙන්ද, ද්වේශ රහිත දෘෂ්ටියෙන්ද යන,
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.