අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(24) 4. කම්ම වර්‍ගය
11. සප්පුරිසානිසංස සූත්‍රය
’’මහණෙනි, සත්පුරුෂයා නිසා ආනිශංස සතරක් කැමතිවිය යුත්තාහ. කවර සතරක්ද යත්, ආර්‍ය්‍ය සීලයෙන් වැඩෙයි. ආර්‍ය්‍ය සමාධියෙන් වැඩෙයි. ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් වැඩෙයි. ආර්‍ය්‍ය විමුක්තියෙන් වැඩෙයි. මහණෙනි, සත්පුරුෂයා නිසා මේ ආනිසංස සතර කැමතිවිය යුත්තාහයි වදාළ සේක.
විසි හතරවෙනි කර්‍ම වර්‍ගය නිමි.