අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 5. පඤ්චම පණ්ණාසකය (26) 6. අභිඤ්ඤා වර්‍ගය 3. සඞ්ගහවන්‍ථු සූත්‍රය ’’මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතරක්ද යත්, දීම, ප්‍රිය වචන, වැඩෙහි යෙදීම, සමානාත්මතාව යන සතරයි. මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.’’