අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. චක්ක වර්‍ගය
1. චතු චක්ක සූත්‍රය
’’මහණෙනි, යමකින් යුක්තවූ දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්නාහුද, යමකින් යුක්ත දිව්‍ය මනුෂ්‍යයෝ භොගයන්හි නොබෝ කලකින් මහත් බවට, විපුල බවට පමුණුවත්ද, මේ සම්පත් සතරකි. කවර සතරක්ද යත්?
’’සුදුසු ප්‍රදේශයෙහි වාසයද, සත්පුරුෂයන්ගේ ආශ්‍රයද, තමන් මනාකොට පිහිටුවීම, පෙර රැස්කළ පින් ඇති බවද, යමකින් යුක්ත දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්වයි. යමකින් යුක්තවූ දෙවි මිනිස්සු නොබෝ කලකින් භොගයන්හි මහත්‍වයට, විපුලත්‍වයට පැමිණෙත්ද, මහණෙනි, මේ සම්පත් සතර වෙත්.
’’සුදුසු ප්‍රදේශයන්හි වසන්නේද, ආර්‍ය්‍ය චිත්තය (දියුණු) කරන්නෙක් වන්නේය. තමා මනාකොට පිහිටුවීමෙන් යුක්තවූ, පෙරකළ පින් ඇති, මනුෂ්‍යතෙම ධාන්‍යයටද, ධනයටද, යසසටද, කීර්තියටද, යන මේ සැපයට අධිකව පැමිණේ.’’