අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය
2. පච්ඡාසමණ සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්‍රමණ තෙම ගතයුතු නොවේ.
’’කවර පසකින්ද යත්? ඉතා දුර හෝ ඉතා ලඟ හෝ යේද, පාත්‍රයෙහි ඇතුළත් දෙය නොගණීද, ඇවතට ලංව කියනු ලබන්නහු නොවළකාද, කියනු ලබන්නහුට අතරතුර කථාව හෙළාද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්‍රාඥයෙක් වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්‍රමණ තෙම ගතයුතු නොවේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්‍රමණ තෙම ගතයුතු වේ.
’’කවර පසකින්ද යත්? ඉතා දුර නොයාද, ඉතා ලඟ නොයාද, පාත්‍රයෙහි ඇතුළත් දෙය ගණීද, ඇවතට ලංව කියනු ලබන්නහු වළකාද, කියනු ලබන්නහුට අතරතුර කථාව නොහෙළාද, ජඩනොවූ, කෙළතොලුනොවූ ප්‍රඥා ඇත්තෙක් වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ කුළුපග භික්‍ෂු තෙම කුලයන්හි ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගෞරව ඇත්තෙක්ද, බුහුමන් කරන්නෙක්ද වේ.