අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(18) 3. උපාසක වර්‍ගය

2. විසාරද සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.

’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.

’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.