අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. අක්කොසක වර්‍ගය

2. ගන්ඩන කාරක සූත්‍රය

’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්‍ධ වාද කරන්නෙක්. විරුද්‍ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි.

’’කවර පසක්ද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි යන පසයි.’’

’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම දබර කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්‍ධ වාද කරන්නෙක්. විරුද්‍ධ කථාබස් කරන්නෙක්, සංඝයා කෙරෙහි අධිකරණ කරන්නෙක් වේද, ඔහුට දෝෂ පසක් කැමතිවිය යුතුයි.