අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දීඝ චාරිකා වර්‍ගය
6. දුතිය කුලුපගාදීනව සූත්‍රය
’’මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්‍ෂුහට මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ස්ත්‍රිය පිළිබඳවූ නිතර දැකීමද, දැකීම ඇති කල්හි සංසර්‍ගයද, සංසර්‍ගය ඇති කල්හි විශ්වාසයද, විශ්වාසය ඇතිකල්හි මෛථුන රාගයට බැසගැන්මද, බැසගත් සිත් ඇත්තහුට මෙය කැමති විය යුතුයි. නොඇළුනේ හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය. එක්තරා ඉතා කිළුටුවූ ඇවැතකට හෝ පැමිණෙන්නේය. ශික්‍ෂාව හෝ හැර දමා ගිහි බවට පෙරලෙන්නේය. යන පසයි.
’’මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්‍ෂුහට මේ දෝෂ පසක් වෙත්.