අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(24) 4. ආවාසික වර්‍ගය
4. බහුපකාරාවාසික සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.
’’කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, කැඩුම් බිඳුම් ප්‍රතිසංස්කරණය කෙරේද, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේ වේද, නොයෙක් පිට රට භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ’ඇවැත්නි, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් පිට රට භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කාලය’ යි සැළ කෙරේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, යන පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.