අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(26) 6. උපසම්පදා වර්‍ගය

5. මච්ඡරියප්පහාණ සූත්‍රය

’’මහණෙනි, මේ මසුරුකම් පසක්හුගේ දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය.

’’කවර පසක්හුගේද යත්? ආවාසයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. කුලයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ලාභයන්හි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ගුණ කීමෙහි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. ධර්මයෙහි මසුරුකම දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය. යන පසය.

’’මහණෙනි, මේ මසුරුකම් පසක්හුගේ දුරුකිරීම පිණිස, මුල් සිඳීම පිණිස, බඹසර වසන්නේය.