අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

5. සික්ඛාපච්චක්ඛාන සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජා ඇත්තේ වේද, පාපයට භය ඇත්තේ වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.