අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

4. යථාභතනික්ඛිත්ත සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි. මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.