අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(6) 1. නීවරණ වර්‍ගය
9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ. කවර පසකින්ද යත්,
’’මහණෙනි, සියුම් කාරණා දන්නාවූ වෘද්‍ධ ප්‍රවෘජිත තෙම දුර්ලභ වේ. ශ්‍රමණ කල්පයෙන් යුක්තවූයේ දුර්ලභ වේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ දුර්ලභ වේ. ධර්මකථික වූයේ දුර්ලභ වේ. විනයධර වූයේ දුර්ලභ වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.