අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
4. අස්සද්‍ධත්‍ථෙර සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට භය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පවට ලජ්ජා ඇත්තේ වේද, පවට භය ඇත්තේ වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද, යන පසිනි.