අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

3. කුහකත්‍ථෙර සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.

’’කවර පසකින්ද යත්, කුහණ වස්තු තුනෙන් යුක්තවූයෙක් වේද, ලාභය පිණිස කරණ කථාවෙන් යුක්තවූයෙක් වේද, නිමිති කරන්නෙක් වේද, පණිවිඩ කීමෙහි යුක්තවූවෙක් වේද, ලාභයෙන් ලාභය සෙවීමෙහි යුක්තවූවෙක් වේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

’’කවර පසකින්ද යත්, කුහකකම් වලින් යුක්ත නොවේද, ලාභය සඳහා කථා කරන්නෙක් නොවේද, නිමිති කරන්නෙක් නොවේද, පණිවිඩ පනත් කරන්නෙක් නොවේද, ලාභයෙන් ලාභය සෙවීම ඇත්තෙක් නොවේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.