අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
6. පටිසම්භිදාප්පත්ත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? අර්ත්‍ථ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ධර්‍ම ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, නිරුක්ති ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ප්‍රතිභාණ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, යම් ඒ සබ්‍රම්සරුන්ගේ කුදු මහත් පිළිවිස කටයුතු වෙද්ද, එහි දක්‍ෂයෙක්, අලස නුවූවෙක් වේද, එහි උපායවූ විමසන නුවණින් යුක්තවූයේ, කරන්ට සුදුස්සෙක්, සංවිධාන කරන්ට සුදුස්සෙක් වේද, යන මේ පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.