අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(10) 5. කකුධ වර්‍ගය
5. අකුප්පටි විජ්ඣාන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අර්ත්‍ථ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ධර්‍ම ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, නිරුක්ති ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ප්‍රතිභාණ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, මිදුනු පරිදි සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.