අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

10. ආනිසංස වර්‍ගය

7. අනිච්චසඤ්ඤාපට්ඨාපන සූත්‍රය

’’මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිතව ’අනිතයයි’ යන හැඟීම වැඩීමට සෑහේමය.

’’කවර සයක්ද යත්? මගේ සියලු සංස්කාරයෝ අස්ථිර බැවින් ගෙවී යන්නේය. මගේ සිත මුළු ලොවෙහි නොඇලෙන්නේය. මගේ සිත සියලු ලෝකයෙන් නැගී සිටින්නේය. මගේ සිත නිවණට නැමුණේ වන්නේය. මගේ (කාමඡන්දාදී) බැඳුම්ද ගෙවීමට යයි. උතුම්වූ මහණකමින් යුක්තවුයේ වන්නේය. (යනුය.)මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිතව ’අනිතයයි’ යන හැඟීම වැඩීමට සෑහේමය.