අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

10. ආනිසංස වර්‍ගය

11. පහාතබ්බතණ්හා සූත්‍රය

’’මහණෙනි, දුරුකටයුතු මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. මාන තුනෙකි.

’’කවර තෘෂ්ණා තුනක් දුරු කටයුතුද? කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව. විභව තෘෂ්ණාව (යනුය.) මේ තුන් තෘෂ්ණාව දුරු කටයුතුය.

’’දුරුකටයුතු මාන තුන කවරේද? මානය, අවමානය, අතිමානයයි. මේ තුන් මානයෝ දුරු කටයුතුය.

’’මහණෙනි, යම් තැනක පටන් මේ තුන් තෘෂ්ණාව දුරුවුණේද, මේ තුන් මානයෝ දුරු කළෝද,

’’මහණෙනි, මේ මහණතෙම තෘෂ්ණාව සින්දේය. බැඳුම් පෙරළීය. සම්‍යක් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කෙළේයයි කියනු ලැබේ.

දහවෙනි ආනිසංස වර්‍ගය නිමි.

දුතියපණ්ණාසකං සමත්තං.