අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
11. තික වර්ගය
1. අකුසල මූලප්පහාන සූත්රය
’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? රාගය, ද්වේෂය, මොහය යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
’’මහණෙනි, මේ ධර්ම තුන ප්රහාණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය. කිනම් තුනක්ද යත්. රාගය ප්රහීණ කිරීම පිණිස අශුභ වැඩිය යුතුය. ද්වේෂය ප්රහීණ කිරීම පිණිස මෛත්රිය වැඩිය යුතුය. මෝහය ප්රහීණ කිරීම පිණිස ප්රඥාව වැඩිය යුතුය. මහණෙනි, මේ ධර්ම තුන ප්රහීණ කිරීම පිණිස මේ ධර්ම තුන වැඩිය යුත්තාහ’’ යි වදාළ සේක.