අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
11. තික වර්ගය
2. දුච්චරිත පහාණ සූත්රය
’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්, කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනො දුශ්චරිතය යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
’’මහණෙනි, ධර්ම තුන ප්රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි.
කිනම් තුනක්ද යත්. කාය දුශ්චරිතය ප්රහීණ කිරීම පිණිස කාය සුචරිතය වැඩිය යුතුය. වාක් දුශ්චරිතය ප්රහීණ කිරීම පිණිස වාක් සුචරිතය වැඩිය යුතුය. මනො දුශ්චරිතය ප්රහීණ කිරීම පිණිස මනො සුචරිතය වැඩිය යුතුය. මහණෙනි, ධර්ම තුන ප්රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි.